එළැඹෙන ඔක්තෝබරයේ සිට වාහන ආනයනය සදහා අවසර ලබා දීමට රජය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මුලින්ම, කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
දෙවන, ත්‍රී රෝද රථ සහ යතුරු පැදි ආනයනයට අවසර දීමත්, තුන්වනුව පුංචි කාර් ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙන අතර, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනයට අවසර දීම අවසාන වශයෙන් සිදු කිරීමට නියමිත ය.
වාහන ආනයනයේ දී විදුලි මෝටර් රථ සදහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.
රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය අනුව, වසරක් තුළ ආනයනය කළ යුතු වාහන ප්‍රමාණය පිළිබදව මහබැංකුවෙන් උපදෙස් ලබා ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබේ.
මීට අමතරව දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තය දිරිගැන්වීමට රජය කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.