ගාලු මුවදොර, අලුත් කඩේ, ඇල්ල, කලුතර සහ හික්කඩුව වැනි සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල කූට වෙළදුන් සහ ටැක්සි රියැදුරන් ඇල්ලීමේ මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
ඊට හේතුව, ඉතාලිය සහ ප්‍රංශය වැනි රටවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් ලැබී ඇති පැමිණිලි බව එම අධිකාරිය පවසයි.
කූට වෙළදුන් සංචාරකයන්ට වැඩි මිලට ආහාර පාන අලෙවි කිරීමට දරන ලජ්ජාසහගත උත්සාහනය් කිහිපයකට අදාල වීඩියෝ පසුගිය දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ සංචරණය වූ අතර, එබදු සිදුවීම් සම්බන්ධයෙන් දැවැන්ත මහජන විරෝධයක් රට තුළ ගොඩ නැගී තිබේ.
මෙවැනි සිදුවීම් සංචාරක කර්මාන්තයට මෙන්ම රටේ කීර්ති නාමයටද හානිදායක බැවින් එවැනි ක්‍රියා වැළැක්වීමට තමන් පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.