දකුණු ආසියාවේ වැඩිම බැංකු ගිණුම් තියෙන කාන්තාවන් සිටින රට බවට ලංකාව පත් වෙයි

දකුණු ආසියාවේ ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය හා සසඳන විට ලංකාවේ ගිණුම් හිමි කාන්තාවන් ප්‍රමාණය සියයට 89 ඉක්මවා සිටින බව අනාවරණය වේ.

දකුණු ආසියාතික රටවල ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය සියයට 65.8 ක් වන අතර, එම අගය ශ්‍රී ලංකාවේ සියයට 89.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම, සම කලාපීය සහ සම ආදායම් රටවල් හා සසඳන විටද වයස අවුරුදු 15 ත් 24 ත් අතර ගිණුම් හිමි තරුණ පිරිස ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 86 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *