ශ්රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල මහතාගේ පත් වීම නිතී විරෝධි තත්වයට පත් කරමින් ශ්රිලනිප දේශපාලන මණ්ඩලයේ සමාජිකයින් 15 දෙනාගෙන් 09 දෙනාගේ සහාය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබා දී තිබේ.
මේ අතර දේශපාලන මණ්ඩලය කැදවීමේ බලය ඇත්තේ පක්ෂ සභාපතිවරයාට හෝ ලේකම්වරයාට වන අතර පක්ෂයේ වැඩබලන ලේකම්වරයා වන සාර්ථි දුෂ්මන්ත මිත්රපාල මහතාගේ සහායද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට හිමි ව තිබේ.


