ඊයේ දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඇතුළු වූ රජයේ ඇමතිවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ මන්ත්‍රි දුමින්ද දිසානායක යන අය සහ ඔවුන් සමඟ ඇතුළු වු කණ්ඩායම් පක්ෂ කාර්යාලයේ දේපළවලට හානි කිරීම සම්බන්ධව පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරති දුෂ්මන්ත මැතිතුමා විසින් අද දින මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර දුමින්ද දිසානායක මහතා විසින් පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මාතරගේ මහතාට සහ එහි පරිපාලන නිලධාරීන්ට තර්ජනය කර ඇති බවට මරදාන පොලීසියට පැමිණිලි 2 ක් යොමු කර තිබෙනවා.