දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමට පොහොට්ටුව විරුද්ධ වෙයි

වැඩ තහනමකට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්, එම ධූරයෙන් නෙරපීම සදහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම එළැඹෙන අගෝස්තු මාසයේ පස් වන දා පැවැත්වීමට නියමිත ය. 

එහිදී, සමගි ජන බලවේගය, දේශබන්දු තෙන්නකෝන් නෙරපීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට නියමිත බව වාර්තා වේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ ඉරිදා ලංකාදීප පුවත්පත යි. 

පුවත්පත තවදුරටත් වාර්තා කර තිබෙන ආකාරයට, දේශබන්දු තෙන්නෝක් ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව ද පැවසේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *