දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් සිසුවෙකුට පහර දී තිබෙනවා.
එම සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
පසුගිය 11 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිසුවාට පහරදී ඇති බවයි ඔහුගේ මව සඳහන් කරන්නේ.
මේ පිළිබඳව පල්ලෙවෙල පොලිසියෙන් අප සිදු කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පාසලේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක් වූ මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ද ඉන්ධන පිරවුම්හලකදී පහර දීමක් සම්බන්ධව ද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.