ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අද දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය හමුව අවලංගු කර තිබෙනවා.
ඊයේ දිනයේ දී දැනුම් දුන්නේ එය අද පෙරවරු 10ට පවත්වන බවයි.
පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් පක්ෂයේ මාධ්‍ය අංශය අද පෙරවරුවේ නිවේදනය කළේ නොවැළැක්විය හැකි හේතුවක් මත එම මාධ්‍ය හමුව නොපවත්වන බවයි.