සජබ විසින් කොළඹ නගරාධිපති ධුරයට වංචා දූෂණ නැති පුද්ගලයෙක් ඉදිරිපත් කළ යුතුයි – සාගර කාරියවසම් කියයි

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය විසින් පිහිටුවිය යුතු බවට වන මතයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින බව එහි මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව පවතින ආණ්ඩුව ලෙස ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බහුතර බලයක් ලැබී නොමැති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂ කණ්ඩායම් අතර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින සමගි ජන බලවේගය විසින් සියලු දෙනාටම පිළිගත හැකි, වංචා දූෂණවලට සම්බන්ධයක් නොමැති පුද්ගලයෙක් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *