ක්ෂණික පල­තුරු බීම­ව­ලට SLS සහතිකය අනි­වා­ර්ය­ කරයි

දේශී­යව නිෂ්පා­ද­නය කරන සිය­ලුම ‘පිළි­ගැ­න්වී­මට සූදා­නම්’, එනම් ක්ෂණි­කව සක­ස් කළ හැකි පල­තුරු බීම වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) නිෂ්පා­දන සහ­තික කිරීමේ සල­කුණ ලබා­ගැ­නීම අනි­වා­ර්ය බව පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය පව­සයි. එසේම එවැනි ආන­ය­නික පල­තුරු පාන වර්ග සඳ­හාත් ආන­ය­නික පරී­ක්ෂාව යටතේ විකි­ණීම සඳහා අනු­මැ­තිය ලබා­ගත යුතුය.

ජාතික ආහාර පාන සහ­තික කිරීමේ අව­ශ්‍ය­තා­ව­ලට අනු­කූ­ලව පාරි­භෝ­ගි­ක­යන් සඳහා නිෂ්පා­දන ආර­ක්ෂාව සහ ගුණා­ත්මක ප්‍රමි­තීන් සහ­තික කිරීම නියා­ම­නයේ අර­මු­ණයි.

පාරි­භෝ­ගික ආර­ක්ෂාව හා ගුණා­ත්මක ප්‍රමි­තීන් සහ­තික කිරීමේ අර­මුණ ඇතිව පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය දිගින් දිග­ටම වැට­ලීම් සිදු­ක­ර­මින් නීතිය ක්‍රියා­ත්මක කරන බව ද පාරි­භෝ­ගික අධි­කා­රිය පව­සයි.

මෙවැනි සිදු­වීම් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි හෝ වැඩි­දුර තොර­තුරු සඳහා පාරි­භෝ­ගි­ක­යන්ට 1977 ක්ෂණික දුර­ක­ථන අංකය හරහා පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය ඇමැ­තිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *