එස්.එම් රංජිත් මහජන මුදල් අවභාවිතා කිරීම – අල්ලස් කොමිසමට අධිකරණයේ අප්‍රසාදය

උතුරුමැද පලාත් හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සහ ඔහුගේ බිරිද ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව පවරා ඇති නඩුවේ දී, අල්ලස් කොමිසම මේ වන විට එම නඩුව මෙහෙයවමින් සිටින ආකාරය සම්බන්ධයෙන්, කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය බණ්ඩාර මහතා සිය අප්‍රසාදය පළ කර තිබෙන බව වාර්තා වේ.

උතුරුමැද හිටපු මහ ඇමති එස්.එම් රන්ජිත් ගේ බිරිද, ශාන්ති චන්ද්‍රසේන, එවකට ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ. පෞද්ගලික ලේකම්වරිය ලෙස ඇයට ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී ඇයගේ නිල වාහනය සදහා රුපියල් මිලියන 2.68 ක මුදලක් ද ලබා ගැනීම ඔවුන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවයි.

නඩුව ඊයේ දිනයේ දී විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් නොකර, වැල් වටාරම් විමසමින් කාලය වැය කරන බව පෙනී යන්නේ යැයි කණගාටුවෙන් වුවත් කිව යුතු යැයි විනිසුරුවරයා පවසා තිබේ.

නඩු විමසීම නවතා දැමූ විනිසුරුවරයා, නැවත මාර්තු 15 වන දා නඩුව කැදවන බව නියෝග කලේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *