වෙළඳපොළේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව නව ජනතා පෙරමුණේ දීප්ති පෙරේරා මහතා පවසයි. වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සාමාන්‍ය පවුලක දෛනික වියදම් පාලනය කරගත නොහැකි මට්ටමට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉතා කෙටි කලක් තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
“කඩේට බඩු ටික ගන්න ගියාම හාල් මැස්සෝ රුපියල් 50කින් වැඩි වෙලා, බිත්තර රුපියල් 20කින් වැඩි වෙලා, පරිප්පු රුපියල් 30කින් වැඩි වෙලා. ඒ මදිවට සබන් කුඩු පවා රුපියල් 50කින් වැඩි වෙලා.”
පවතින උද්ධමනය සහ බදු බර හමුවේ ජනතාව පත්ව ඇති අසීරුතාව උපහාසාත්මකව පෙන්වා දුන් දීප්ති පෙරේරා මහතා, “ඩෝබිලා රෙදි හෝදලත් ඉවරයි,” යනුවෙන් පවසමින් වත්මන් පාලනය යටතේ ජනතාවගේ ආර්ථිකය දැඩි ලෙස සේදී ගොස් ඇති බව අවධාරණය කළේය.