සූරිය මංගල්ලේ ගීතය විකෘති කල සුරාබදු නිළධාරියාගේ වැඩ තහනම් කරයි

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කර තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සහකාර සුරාබදු කොමසරිස්වාරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

යම් හෙයකින් මෙම නිලධාරියා වරදක් සිදු කර ඇති බවට අධිකරණය මගින් තහවුරු වුවොත් ඊට අදාළ පියවර ගන්නා බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (අප්‍රේල් 17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

සැකකරු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *