දකුණු පළාත් මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ නිසි කාලසටහනකට අනුව ධාවනය කරවීම සඳහා නවීන තාක්ෂණික ක්රමවේදයන්ට සම්බන්ධ කිරීම වෙනුවෙන් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් GPS තාක්ෂණික වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා
මේ යටතේ www.spgps.lk වෙත පිවිස බස් රථ ධාවනය වන කාල සටහන හා ස්ථානයන් දැන ගැනීමට මගී ජනතාවට පහසුකම් සැලසෙයි.