සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.
මෙතෙක් මසකට රුපියල් 21,000ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප මෙම පනත් සම්මතය අනුව මෙම වසරේ අප්‍රේල් 01වනදා සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කිරීමටත් ජාතික අවම දෛනික වැටුප ද එදින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 700 සිට 1,080 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශය කටයුතු කළ යුතු බවයි.
මෙම ජාතික අවම වැටුප ලබන වසරේ ජනවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුපද එදින සිට රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වාත් වැඩි කිරීමටත් නියමිතව තිබේ.