විශේෂ අවශ්‍යතා ඇති අයට වෙනම බස් සේවයක් එයි

විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල  නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක් රජය අරඹා තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති ලෙස මෙම ප්‍රවාහන සේවය ඇරැඹෙයි.

අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම කරුණ අනාවරණය විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *