පන්දුවේ වේගය වැඩි කරගන්න – ජිම් සෙෂන්ස් වැඩි කරා – මතීෂ පැයට කිලෝමීටර් 153ක වේගයෙන් යැවීමේ රහස කියයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

එම තරගයේ ලකුණු 24කට කඩුළු 4ක් දවා ගත් මතීෂ පතිරණ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මතීෂ පැවසුවේ තීරණාත්මක 19 වැනි පන්දුවාරයේ දී ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩාම වෙත හරවා ගැනීම තම අරමුණ වූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මතීෂ පතිරණ මෙලෙස පැවසීය,

“19 ඕවරේ දී දෙපැත්ටම ගේම් එක තිබ්බේ. ඕන වෙලා තිබ්බේ මැච් එක දිනවන්න. මම ගොඩක් වෙලාවට බැලුවේ මැච් එක අපේ පැත්තට හරවා ගන්න. මම හිතුවා ඒක කරා කියලා.”

“ඇත්තට ම බිනුර අයියා ගොඩක් හොඳ ඕවර් එකක් දැම්මේ. බිනුර අයියාගේ අත්දැකීම් ගොඩක් පාවිච්චි කළා. එයාගේ කලින් ඕවර් තුනේ ලකුණු ගිහිල්ලා තිබුණත් අන්තිම ඕවර් එකේ ඇවිල්ලා හොඳට ම දැම්මා. මම හිතන්නේ ඒ ඕවර් එකෙන් තමයි අපි මැච් එක දින්නේ.”

“ඇත්තට ම අපේ කණ්ඩායමේ ටාගට් එක වෙලා තිබුණේ, 170ට වැඩිය යන්න. ඉතින් අපිට ඒක කරගන්න බැරි වුණා. ලකුණු 10ක් 15ක් ශෝට් වුණා. ඉතින් ඒක කියලා බෑ අපි තරගය දිනන්න නම්, අපි හොඳට කරන්න ඕනේ. ඒක හින්දා මම හිතන්නේ ගොඩක් ලොකුවට ඔළුවට ගත්තේ නෑ.”

“ඩෙබියු එකෙන් පස්සේ මට ගොඩක් අවස්ථා ලැබුණා ලීග්වලට ගිහිල්ලා එවගේ සෙල්ලම් කරන්න. ඒ ක්‍රීඩකයෝ එක්ක වැඩ කරන්න මම ලංකාවේ ඉද්දි වැඩ කළා අපේ කෝච්ලා එක්ක. ඒ පොඩි පොඩි වෙනස්කම් කරගෙන තමයි දෙවෙනි 20යි 20 තරගය අද ක්‍රීඩා කළේ.”

“පන්දු යැවීමේ වේගය වැඩි කරගන්න කියලා විශේෂයෙන් මොකුත් කළේ නෑ. කලින් කරාට වැඩිය පොඩ්ක් මහන්සි වෙලා ජිම් ශෙෂන්ස් කරා. වැඩිපුර බෝල් කරන්න බෝල් කරන්න තමයි පන්දු යැවීමේ වේගය පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා තමයි පන්දු යැවීමේ වේගය වැඩි වෙලා තියෙන්නේ.” 

“හයියෙන්ම දාන්න ඕනේ කියලා හිතලා හැම බෝලයක්ම දාන්නේ නෑ. මම මගේ රිදම් එකට ඇවිල්ලා බෝලේ දානවා. එතකොට ඒක සමහර වෙලාවට ගොඩක් වේගයෙන් යන්න පුළුවන්. ඊට වැඩිය අඩුවෙන් යන්නත් පුළුවන්.”

“මම ආපු කාලයේ ඉඳලම මම වේගයෙන් පන්දු යැව්වා. ඒකම තමයි වැඩිදියුණු කරගන්න කිව්වේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *