පන්සලේ හැදී වැඩී මියගිය දඬුලේනාට පාංශුකූලය දී පැන් වඩවයි

වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ ඇති දැඩි කළ දඬු ලේනකු මියගිය පසු එම සතාව, පෙට්ටියක දමා මිහිදන් කර ඒ වෙනුවෙන් පින් අනුමෝදන් කර මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් කළ නායක හිමිනමක් පිළිබඳව දිඹුලාගල, පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයෙන් අපට අසන්නට ලැබිණි.

නවමිල්ලාන ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ නවමිල්ලාන ගම්මුන් විසින්ම එම දඬුලේනා මියයෑම වෙනුවෙන් පෙරේදා (07) රාත්‍රියේ ධර්ම දේශනයක් පවත්වා ඊයේ (08 ) දහවල් සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පවත්වා සතා වෙනුවෙන් පැන් වඩා පින් අනුමෝදන් කිරීම ද සිදුකළහ.

නවමිල්ලාන පුල්ලිගොඩ රජමහා විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සංවිධානයෙන් මෙම පින්කම පැවැත්විණි.

මෙම දඬුලේනා මීට වසර දෙකකට ඉහත දී වර්ෂාවක් අවස්ථාවකදී මවගෙන් මිදී බිමට වැටුණු සතෙකි. දඬුලේන් පැටියා බේරා ගැනීමට දඬුලේන් මව බිමට බැසීමෙන් අනතුරුව බල්ලකු විසින් සපා කා ඇත.

නිවැසියන් දඩුලේන් පැටියා විහාරස්ථානයට ගෙනැවිත් භාරදීමෙන් පසු හදා වඩා ගත් බවත්, මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දඬුලේනා මියගොස් ඇති බවත් දැනගන්න ඇති බව චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

දඬුලේනාට පින් පැමිණවීමේ අරමුණින් පෙරේදා (07) රාත්‍රියේ මනම්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති බඳනාගල ජිනදීපාලංකාර නාහිමියන් වැඩම කරවා කාව්‍යමය ධර්ම දේශනයක් කළ අතර ඊයේ (08) උදෑසන දායකකාරකාදීන්ගේ සහභාගිත්වයෙන් දානමය පින්කමක් සිදු කරනු ලැබීය.

දඬුලේනාට පින් අනුමෝදන් කිරීම ඉතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *