මිලියන 20,000 ආයෝජනයක් සහිතව මෙරට 4වන ජාතික රෝහල බවට අනුරාධපුර ශික්ෂණ රෝහල පත්කිරිමට රජයෙන් සැලසුම්

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 4 වන ජාතික රෝහල බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසනවා.

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 20,000ක පමණ ආයෝජනයක් සිදුකිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කළමනාකරණ රැස්වීම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතාගේ ප්‍රදානත්වයෙන් හා අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඉදිරි වසර කිහිපය තුළ විශාලතම වැඩ බිම ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පත්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය වෙනුවෙන් ඉලක්ක ගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.

රජයේ රෝහල් පද්ධතිවල රෝගී සත්කාර සේවාවන් වඩාත් විධිමත් හා ඉහළ පහසුකම්වලින් සමන්විතව ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ වී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *