ශ්‍රි ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ව්‍යාපාරික ධම්මික පෙරේරා ලන්සුව තබයි


මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ Hayleys PLC ආයතනය ද ඇතුලත්ව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙම අභිලාෂ කැඳවීමට අදාළ ආයතනවල නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ අනුව AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite Investment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited,Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited සහ Hayleys PLC යන ආයතන කැමැත්ත පළ කර ඇති බවයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය දැනුම් දෙන්නේ.

එම සමාගම් අතර මැලේසියානු සමාගමක් සහ මෙරට සමාගමක් ද සිටිනවා.

ශ්‍රීලංකන් ආයතනය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති Hayleys PLC ආයතනයේ කොටස්වලින් 51.01%ක හිමිකාරීත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.

image 22 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *