අද සිට දිවයිනේ සෑම යුද්ධ හමුදා කඳවුරකටම රණවිරු ශුභසාධන අංශයක්

දිවයිනේ සෑම යුධ හමුදා කදවුරක ම රණවිරු ශුභසාධන අංශයක් අද (මැයි 26) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්න රොද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෑම යුද්ධ හමුදා කඳවුරක ම එහි අණදෙන නිලධාරීවරයාගේ අධික්ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධිකරණ අංශ පිහිටුවා ඇති බව ය.

ඒ අනුව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන් සබැඳි වැටුප් විෂමතා, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ශුභසාධන ගැටලු අදාළ යුද්ධ හමුදා සාමාජිකයා පදිංචි ස්ථානයට ආසන්නත ම යුද්ධ හමුදා කඳවුරේ රණවිරු සම්බන්ධීකරණ අංශයට යොමු කල හැකිය.

ශුභසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදුකිරීම සඳහා එලෙස රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *