යාපනය, ඌර්කාවතුර, අනලතිව් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් මුහුදේ පාවී පැමිණි ලී පෙට්ටියක් සොයා ගැනීමට ඊයේ (16) සමත් වී තිබෙනවා.
මුහුදේ පාවෙමින් තිබූ මෙම පෙට්ටිය ගැන ඌර්කාවතුර පොලිසියට ධීවරයින් විසින් තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම පෙට්ටිය මුහුදෙන් ගොඩට ගෙන තිබෙනවා.
අනතුරුව ගොඩට ගත් ලී පෙට්ටිය පොලිසිය විසින් විවෘත කිරීමෙන් පසුව ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම පෙට්ටිය තුළ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් (වෝකි-ටෝකි) ඉතා සුරක්ෂිත අන්දමින් රඳවා ඇති අන්දමයි.
එම පණිවුඩ හුවමාරු යන්ත්‍රය මෙරටට අයත් නොවන බව හෙළිව ඇති අතර, මෙලෙස විශාල පෙට්ටියක් තුළ රඳවා තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඌර්කාවතුර පොලිසිය මේ සම්බන්ධයෙන් ඌර්කාවතුර අධිකරණයට කරුණු ඉදිරිපත් කොට, එම වස්තූන් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.


