ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙයි

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව අද (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇත.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී.

වෙළෙපොළ ප්‍රාග්ධනීකරණයට අනුව අද (01) වන විට කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් 12 පහත පරිදි වේ.

CSE Market Cap Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *