මෙරට දැවැන්ත ව්‍යාපාරිකයන් 10 ක් රාජ්‍ය බැංකුවලට බිලියන 80ක පොල්ලක් තියයි

මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසීය.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කොළඹදී පැවැති විශේෂ සමුළුවකදී එය හෙළි කළේය.

අදාල ව්‍යාපාරිකයන් ඉහළ ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් උපයන මුදල් පිටරට තැන්පත් කරමින් අදාල බැංකු දෙකට පොලු තියා ඇති බවත් ලංකා බැංකුවට රුපියල් කෝටි 5,000 ක් සහ මහජන බැංකුවට රුපියල් කෝටි 3,000 හිඟ ඇති බවත් ඒ මහතා කීය.

එම විශාල මුදල ගෙවන්න තියෙන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කරන ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත්  එසේ නොවුණ හොත් මහජන යහපත උදෙසා ඒ නම් හෙළි කිරීමට සූදානම් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *