බහාලුම් නිෂ්කාෂණය වේගවත් කිරීම නිසා රේගුව ජනවාරියේ ආදායම් ඉලක්කය දවස් 22න් හොයයි

ජනවාරි මාසය සදහා වූ රුපියල් බිලියන 160.2 ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ජනවාරි 22 වන දා වන විට, රුපියල් බිලියන 175.4 ක ආදායමක් ඉපැයීමට රේගුවට හැකි වී තිබේ.

දෙසැම්බර් මාසයේ දී බහාලුම් නිශ්කාශනය වේගවත් කිරීමට රේගුව පියවර ගෙන තිබුණු අතර, ආදායම් ඉලක්ක අභිබවා යාමට හැකිව තිබෙන්නේ ඒ හේතුව මත බව වාර්තා වේ.

2025 වසරේ දී රේගුව රුපියල් බිලියන 2,551 ක් ඉපයා තිබුණි. එය එදා මෙදා තුර රේගු ඉතිහාසයේ රේගුව උපයා ඇති ඉහළම ආදායමයි.

2026 වසරේ දී රුපියල් බිලියන දෙදහස් දෙසීයක ආදායමක් ඉපැයීමට රේගුව අපේක්ෂා කරයි.

2025 වසරට සාපේක්ෂව 2026 වසරේ ආදායම් ඉලක්ක අඩු වී ඇති අතර, ඊට හේත-ුව, වාහන ආනයනයෙන් පසුගිය වසර මෙන් දැවැන්ත ආදායමක් නොලැබෙනු ඇති බවට වන පුරෝකථනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *