මෙරට විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ආදායම වේගයෙන් ඉහළ යනවා – මහ බැංකුව රටටම කියයි

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට හිමිව තිබේ.

එමෙන්ම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තුළින් ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් ඉපැයු ආදායම මිලියන 687ක් බව ද සඳහන් කරයි.

1711427294 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *