උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සුබපැතුම් එක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
X පණිවුඩයත් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී, මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාව ශ්‍රී ලංකාව වෙත හිමි වූ බවත්, මෙම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඇය විසින් අවධාරණය කළ බවත් ය.