මැද පෙරදිග උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම් ජාල අඩාල වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බැවින්, ඉදිරියේ දී ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබදව ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව සාකච්ඡා කරමින් සිටින බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
හෝමූස් සමුද්‍රසන්ධිය වසා දැමූ පසු, පසුගිය සදුදා දිනයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 12 0දක්වා ඉහළ ගියේ ය.
මේ වන විට නැවත එම මිල පහත වැටී තිබුනද, කලාපයේ තත්ත්වය තවමත් අවිනිශ්චිත බැවින්, ඉන්ධන මිල ද ඒ අනුව තව දුරටත් ඉහළ යාමේ අවදානමක් සහ සැපයුම් දාමය ඕනෑම මොහොතක බිද වැටීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.