ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2024 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසය සඳහා 0.9% ක් දක්වා අඩු වී ඇත. එය 2024 පෙබරවාරි මාසය සඳහා 5.9% ක් ලෙස වාර්තා වී තිබුණි.
2024 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 3.8% දක්වා වැඩි වී ඇති අතර 2024 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වුයේ 3.5 % ක් ලෙසයි.
එමෙන්ම, 2024 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) -0.5% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 පෙබරවාරි මාසයේ දී 7.0 % ක් ලෙස වාර්තා විය.
ලෝකයේ රටවල උද්දමන අනුපාතයන්
Inflation Rate – Countries – List | World (tradingeconomics.com)