ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන ගණනක් වටිනා ආයෝජන යෝජනා 14ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් පවසනවා.
ආර්ථික අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත්වෙමින්, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් දක්නට ලැබෙන බැවින්, විදේශීය ආයෝජකයින්ගෙන් දැඩි උනන්දුවක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබෙනවා.
ආයෝජකයින් දැනට සිටින්නේ රජය විසින් ඛනිජ කැණීම් කටයුතු සඳහා සකස් කරන නව ප්‍රතිපත්ති රාමුව අපේක්ෂාවෙන්.
එම ප්‍රතිපත්ති සම්පාදනය මේ මොහොතේ සිදුවෙමින් පවතින බව සභාපතිවරයා සඳහන් කළා.
ඔස්ට්‍රේලියාව වැනි රටවල් පොස්පේට්, මිනිරන් සහ ඉල්මනයිට් වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වනවා.