පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතනවලට තේරිපත්ව සිටින මහජන නියෝජිතයින් පාතාලය සහ කුඩු ඡාවාරම ඇතුළු වෙත් නිතීවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ අය දැයි සෙවීම සදහා කඩිනම් විශේෂ විමර්ෂණයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ.
වැලිගම ප්‍රාදේශිය සභාපතිවරයාගේ ඝාතනයත් සමග මහජන නියෝජිතයින් සහ ඔවුන්ගේ අපරාධ සම්බන්ධව ඇති වූ සමාජ සාකච්චඡාව පදනම් කරගෙන මෙම විමර්ෂණය සිදු වේ.
මෙම පරික්ෂණ වල ප්‍රතිඵල අනූව මහජන නියෝජිතයින් 04 දෙනෙකු දැනටමත් පාතාලයට සම්බන්ධ බව ද අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.