පොලිසියට බිලියනයක තෑග්ගක්

මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල අපරාධකරුවන්, පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කළ පොලිස් නිලධාරීන්, ඔත්තුකරුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් රුපියල් බිලියනයක ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (21 දා) කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ලබන නොවැම්බර් මස 04 වැනිදා පැවැත්වීමට නියමිතය.

පසුගිය දිනවල දකුණු පළාතේ සිදුකළ මහ පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම්, පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම්, අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම් සම්බන්ධයෙන් කැප වී රාජකාරි කළ නිලධාරීන්ට මෙම ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතය.

මෙම වැටලීම් සඳහා නිවැරදි තොරතුරු සැපයූ ඔත්තුකරුවන්ට ද මෙදින ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *