එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා තිබුණි. ඒ, අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලවයි.
අයථා ලෙස වත්කම් උපයා ඇති බවට සැකකරන දේශපාලනඥයන් 28 දෙනෙකු සහ හිටපු හමුදාපතිවරයෙකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹා ඇති අතර, වජිර අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, චාමර සම්පත්, සාගල රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, කාන්චන විජේසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේශ්, තිස්සකුට්ටිආරච්චි, ශානක්‍යයන් රාසපුත්‍රම්, මහීපාල හේරත් යන අයගේ නම් එම 28 දෙනාගේ ලයිස්තුවට ඇතුළත් ය.