වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ, ගැටලුවට විසදුම් දෙන තෙක් වැඩ වර්ජනය අත්නොහරින බවයි.
අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යෙදීම ඇතුලු ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.