මේ රට දාලා යන්නේ නෑ – කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්ය චාමර දලුගම

මෙරට කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා වන්නේ චාමර දලුගම මහතාය.

චාමර දලුගම මහාචාර්ය තනතුර වෙනුවෙන් අයැදුම් කර ඇත්තේ, 2022 ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව, 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුට මහාචාර්ය තනතුර පිරිනැමෙන්නේ, 2022 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය. එවකට ඔහුගේ වයස අවුරුදු 35කි. ‘කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා’ ඔහු බව පිළිගැනීමට සිදුවන්නේ, මෙතෙක් එම වයසේදී එම විෂය ක්ෂේත්‍රයට අදාළ මහාචාර්යවරයකු බිහි වී නොමැති බව පැවසෙන හෙයිනි.

වඩා වැදගත් වන්නේ බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් ලංකාව හැර යද්දී තමා ලංකාව හැර නොයන බව ඔහු පවසන හෙයිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *