මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලුණුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගතව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගයනි කපුකොටුව සහ රූපිකා රාජකරුණා සඳහන්කරන පරිදි වෙළෙඳපොළේ වෙළෙඳ නාමවලින් අලෙවි කිරීමට තිබෙන සාම්පල 33 ක් මෙම පර්යේෂණයේදී පරීක්ෂා කර ඇත.එම සාම්පලවලින් 24 ක් කැට ලුණු වේ.මෙම සියලුම ලුණු සාම්පල ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් දූෂිත බව අනාවරණය වී තිබේ.
පුත්තලම සහ හම්බන්තොට ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අලිමංකඩ ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවලට වඩා වැඩි අගයක පැවැති බවද පර්යේෂණයේදී තහවුරුවී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
වෙළෙඳපොළේ ලුණු සාම්පල කිලෝග්‍රෑම් එකක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 17.0 -122.5 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව පැවැති බවත්, වෙළෙඳපොළේ ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය පිරිපහදු නොකළ ලුණු වලට සාපේක්ෂව අඩු අගයක පැවැති බවත් පර්යේෂණයේ සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිනක ලුණු පාරිභෝජනය ග්‍රෑම් 5ක් වුවත්, මෙරට එක් පුද්ගලයෙකු දිනකට ලුණු ග්‍රෑම් 8.3ක් පාරිභෝජනය කරන්නේය. මෙහිදී වසරකට මෙරට පුද්ගලයෙකුට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 158 ක් ශරීරගතවන බව අනාවරණය වේ.