ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි – පෙරටුගාමී පක්ෂය කියයි

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය.

“ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද” යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ ශක්තිමත් නිසා ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ ආධිපත්‍යය අඛණ්ඩව පැවතුණ බවත් නමුත් මේ වන විට ඩොලරයට අභියෝගයක් එල්ල වී ඇති බවත් ඒ මහතා කීය.

මෑතකදී චීනය සහ ඉන්දියාව වැනි රටවල් ආර්ථික බලවතුන් ලෙස නැගී සිටිමින් ඇති බවත් චීනය, රුසියාව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල ලෝක ජනගහනයෙන් සියයට 40 ක් නියෝජනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එය විශාල වෙලඳපල කොටසක් මෙන්ම  ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ  බ්‍රික්ස් රටවල සිදුවන බවත් බ්‍රික්ස් රටවල් ඔවුන්ගේම ජාත්‍යන්තර  මුදල් ඒකකයකට යෝජනාවක් ගෙන හෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *