අත්දැකීම් බහුල ඉංජිනේරුවෝ පන්සිය විස්සක් රට හැර ගිහින්. රාජ්‍ය සේවයේ ඉන්න සමස්ත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1520ක්. මේ නිසා රටපුරා ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිකිරීම්වල පසු විපරම් බරපතළ අර්බුදයකට පත්වී තිබෙන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත කියයි.
සමස්ත රාජ්‍ය සේවයේ ඉංජිනේරු සේවාව මේ වනවිට බරපතළ අර්බුදයට මුහුණපා තිබෙන බව කී සභාපතිවරයා, ඉංජිනේරුවන් රට හැර යාමෙන් රටට වාර්ෂිකව බිලියන ගණනාවක හානියක් සිදුවන්නේ යැයිද පැවසීය.
රාජ්‍ය සේවයට අවසන් වරට 2021 වසරේදී බඳවාගත් ඉංජිනේරුවන් 282න් 150ක් රට හැර ගොස් තිබේ. මේ වසර අවසන් වනවිට තවත් 80ක් පමණ රට හැර යාමට සූදානමින් සිටී.
සිදුවන බුද්ධිගලනය ඉදිරි දෙවසර තුළදී රටට බරපතළ ලෙස දැනෙන බවත්, විශේෂයෙන්ම ඉංජිනේරුවන්ගේ රට හැර යාම සෙසු වෘත්තීන්වලට සාපේක්ෂව රටේ ඉදිකිරීම් මහා පරිමාණ සංවර්ධනය ව්‍යාපෘති අඩාලවීමට සහ අකර්මණ්‍ය වීමට බලපා ඇති බවත් ඔහු පැවසීය.
වාරිමාර්ග දෙපාර්ත මේන්තුවේ ඉංජිනේරු වන්ගෙන් සියයට 50ක හිඟයක් පවතින බවත්, රට හැර යාම ඊට බලපා ඇති බවත් ඔහු කීය.
දුම්රිය, පළාත් පාලන පළාත් සභා, මහාමාර්ග, වාරි මාර්ග, වෙරළ සංරක්ෂණ, අධිවේගී මාර්ග ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ ඉදිකිරීම්, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති, නාගරික අපජල වහනය ඇතුළු සේවාවන් බරපතළ අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.
I am an Electrical Engineer with over 42 years of experience in the construction industry. I migrated to the USA with my family.