ශ්‍රි ලංකාවේ තාවී සමරවීර වයස අවුරුදු 11න් පහළ ලොව අංක එකේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයා බවට පත් වෙයි

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව ඇත.

ඉතාලියේ ඉකුත්දා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ තාවි සමරවීර එහිදී අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂාතව ප්‍රදර්ශනය කරමින්ය.

කුඩා කල සිටම මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ තාවි සමරවීර මෑත කාලයේදි ශ්‍රී ලංකාවට මේසපන්දු ක්‍රීඩාවෙන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *