ව්‍යසනය හමුවේ දෙසැම්බර් මුල් සති​යේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 43,000 ඉක්මවයි – 2024 මුල් සතියත් අභිබවා යයි

ව්‍යසනකාරී තත්ත්ව​ය තුළ 2025 වර්ෂයේ දෙසැම්බර් මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 43,000 ක සීමාව ඉක්මවා යමින් පෙර වසරේ වාර්තා ද අභිබවා යාමට සමත්ව තිබේ.

සංචාරක අමාත්‍යාංශයේ දත්තවලට අනුව, 2025 දෙසැම්බර් මස පළමු සතිය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 43,329 ක් ලෙස සටහන් වී ඇත.

මෙම සංඛ්‍යාව, පෙර වර්ෂයේ එනම් 2024 දෙසැම්බර් මස පළමු සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 41,191 ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයකි.

2024 දෙසැම්බර් පළමු සතියේ පැමිණීම: 41,191

2025 දෙසැම්බර් පළමු සතියේ පැමිණීම: 43,329

ව්‍යසනයක් මධ්‍යයේ වුවද මෙලෙස සංචාරක පැමිණීම ඉහළ යාම, ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර සංචාරකයින් තුළ ඇති විශ්වාසය මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ද මනාව පෙන්නුම් කරමින් තිබේ.

Screenshot 2025 12 09 at 10.41.42 AM Iri News
Screenshot 2025 12 09 at 10.42.12 AM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *