ආපදා තත්ත්වය හමුවේ විපතට පත්වූවන් ගලවා ගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් 28,500ක පිරිසක් තවදුරටත් සේවයේ යොදා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටි 31,057 දෙනකු මුදා ගැනීමට හමුදාව මේ වනවිට කටයුතු කර ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටී.