ශ්‍රී ලංකා ගුවන් තොටුපොල අධිකාරියේ පළමු මාස 06 තුල මෙහෙයුම් ලාභය 78 % කින් වර්ධනය වෙයි

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හි මෙහෙයුම් ලාභය සියයට 78 කින් ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව  2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් ලෙස සටහන් වූ අතර 20205 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වේ.

2025 පළමු මාස 6 තුල ගුවන් ගමන් වාර 32423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපල අධිකාරියේ අපේක්ෂාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *