දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති යන තනතුරුවලට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා,

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව පවසා සිටියා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීම වසර 165 ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු වලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවක්.

එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය දෙයක්.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරින් බඳවාගෙන තිබෙන බව සඳහන්.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=2424096637&adf=1571309851&pi=t.aa~a.231517724~i.12~rp.1&w=690&fwrn=4&fwrnh=100&lmt=1762247036&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=690×280&url=https%3A%2F%2Fhirunews.lk%2F428905%2Fapproval-to-recruit-women-to-the-positions-of-train-driver-conductor-and-station-master&fwr=0&pra=3&rh=173&rw=690&rpe=1&resp_fmts=3&wgl=1&aieuf=1&aicrs=1&fa=27&abgtt=9&dt=1762247036627&bpp=4&bdt=1805&idt=4&shv=r20251031&mjsv=m202510290101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D296c1eca8f134c2a%3AT%3D1762237054%3ART%3D1762246775%3AS%3DALNI_Mb1dZ_FG7std_6dQBVuUGZPp8uQsQ&gpic=UID%3D00001307d22c4415%3AT%3D1762237054%3ART%3D1762246775%3AS%3DALNI_MZlKbbGm8aEDJQMQpJHlenQCJrhVQ&eo_id_str=ID%3Dbdfe4b15fc450608%3AT%3D1762237054%3ART%3D1762246775%3AS%3DAA-AfjZ2wxPM_hYqIHquysrnosFl&prev_fmts=1200×280%2C0x0%2C690x280&nras=3&correlator=7966807756847&frm=20&pv=1&u_tz=330&u_his=2&u_h=776&u_w=1458&u_ah=776&u_aw=1458&u_cd=24&u_sd=2&adx=264&ady=1726&biw=1458&bih=776&scr_x=0&scr_y=0&eid=31095560%2C31095565%2C95376836%2C95376902&oid=2&pvsid=3737113200227379&tmod=2097254621&uas=0&nvt=1&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1458%2C0%2C1458%2C776%2C1458%2C776&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=10&uci=a!a&btvi=3&fsb=1&dtd=17

රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතිනවා.

ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට මෙසේ තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *