ශ්‍රි ලාංකිකයින්ට රට රැකියා සදහා යෑමේ උනන්දුව පහළ යයි

විදේශ රැකියා සඳහා ඉකුත් වර්ෂයේ (2023) පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 4.3 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව 297,656 ක් ලෙස ඉහළ අගයක් ගෙන තිබුණි.

එහෙත් 2022 වර්ෂයේ දී විදේශගත පුද්ගලයින් සංඛ්‍යාව 311,056ක් විය. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 13,400 කින් අඩුවී ඇත.

ඉකුත් වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් සියයට 55.3ක් පුරුෂයන් වන අතර සියයට 44.7ක් කාන්තාවන් බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *