ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා – නිපුණතා පරික්ෂණයට යන හැටි දැනුම් දෙයි


පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන්ට නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව මෙරට ජපාන තානාපති කාර්යාලය පවසනවා.

2022 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂි කර්මාන්තය, ඉදි කිරීම්, ගුවන්තොටුපල බිම් හැසිරවීම යන ක්ෂේත්‍ර සඳහා කුසලතා පරීක්ෂණවලට අයදුම් කළ හැකි බව සඳහන්.

මේ වසරේ සිට ඉදිරි වසර 5 ක කාල සීමාව තුළ විදේශ ශ්‍රමිකයින් 23,000 ක් බඳවා ගැනීමට ඇස්තමේන්තු කර ඇති බැවින් නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ජපානයේ සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් ඉන් නිසි ප්‍රයෝජන ගනු ඇති බව මෙරට ජපාන තනාපති කාර්යාලය කියා සිටියා.

One thought on “ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා – නිපුණතා පරික්ෂණයට යන හැටි දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *