මෙරට ආපදා කළමනාකරණයට ඇමරිකාවේ ස්ටාර්ලින්ක් සමාගම සිය පද්ධති 100ක් නොමිලේ ලබා දෙයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස ඇමරිකානු “ස්ටාර්ලින්ක්” (Starlink) ආයතනය විසින් ඒකක 100ක (100 units) පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

පවතින ආපදා තත්ත්වයේ සන්නිවේදන කටයුතු අඩාල වන අවස්ථාවන්හිදී අත්‍යවශ්‍ය සන්නිවේදන පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම ස්ටාර්ලින්ක් ඒකක භාවිත කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *