ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටීමක් මේ වන විට වාර්තා වෙනවා. Downdetector වෙබ්අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ලොව පුරාම Starlink අන්තර්ජාල සම්බන්ධතා 41,393 පමණ බිද වැටි ඇති බව දක්වන්න පුලුවන්.
දැනටමත් මේ සියලු අන්තර්ජාල සම්බන්ධතා නැවත ලබා දිම සඳහා කටයුතු කරමින් සිටින බව නිල Starlink X ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Update: මේ වන විට Starlink අන්තර්ජාල සේවාව සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත් කර ඇති බවට ඔවුන්ගේ නිල X ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස අන්තර්ජාල සේවාව බිද වැටිමට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඔවුන් තවමත් තොරතුරු පළ කර නොමැති අතර මෙලෙස පාරිභෝගිකයින් 40,000කට අධික ප්‍රමාණයක අන්තර්ජාල සේවාව බිද වැටිමේ සිදු වීමක් Starlink අන්තර්ජාල සේවාව තුළින් වාර්තා වු ප්‍රථමවතාවත් මෙය ලෙස දක්වන්න පුලුවන්.
Source – Android Wedakarayo