ස්ටෙන්ට් හිගයෙන් හෘද රෝගීන්ට මැරෙන්න වෙයි

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි. 

ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළිය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කළේ, ස්ටෙන්ට්වල මේ වනවිට යම් හිඟයක් පවතින අතර ඒවා ගෙන්වීමට ඇණවුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *