මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි අලෙවි කළ ව්‍යාපාරිකයකු තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම කරන ලෙස තඹුත්තේගම මහේත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.
තඹුත්තේගම නගරයේ ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ තොග වෙළඳසලක් පවත්වාගෙන යනු ලබන දොන් පේදුරු ලියනගේ සමිත දිල්ෂාන් ලියනගේ (අවු.23 )නැමැති අනුරාධපුර සුචරිතකම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට මෙම දඬුවම නියම විය .
තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු පැමිණිල්ලක් මත කළ වැටලීමකදී මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ, දුගඳ හමන සීනි මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තිබී හමුවී ඇත.අලෙවි කිරීමට තිබූ සීනි ගෝනිවල කට ආසන්නයේ මැරී සිටි පනුවන් විශේෂයක් ද හමුවී තිබේ.
මෙහිදී ඒ මොහොතේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබූ අතර එදිනම ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.
මහජනතාවට අහිතකර ලෙස දුගඳ හමන පිළිකුල් සහගතව සීනි විකිණීම හා ප්‍රදර්ශනය කිරීම ,සනීපාරක්ෂාවට අහිතකර ලෙස සීනි ගබඩා කර තැබීම ,කාලය ඉතුවීමේ දිනය නොමැතිව සීනි අඩංගු අසුරණයන් විකිණීමට තැබීම , ශ්‍රී ලංකාව තුළ සීනි බෙදා හරින පුද්ගලයකුගේ නමක් හෝ ලිපිනය සඳහන්ව නොතිබීම යන චෝදනාව යටතේ සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරුණු දැක්වීය.