ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සීනි පරිභෝජනය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කර ඇති මට්ටමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි බව විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වසරකට පුද්ගලයෙකු සඳහා නිර්දේශ කරන්නේ සීනි කිලෝග්‍රෑම් 10ක් වුවද, මෙරට පුද්ගලයෙකු සාමාන්‍යයෙන් වසරකට සීනි කිලෝග්‍රෑම් 34ක් පමණ පරිභෝජනය කරයි.
අධික සීනි භාවිතය විදුරුමස් රෝග ඇතුළු දන්ත රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන අතර, දැනට මෙරට වැඩිහිටියන්ගෙන් 50%ක් හෙවත් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදුරුමස් රෝගවලින් පීඩා විඳිති